FAST NEWS

24×7 Around the Globe

රනිල්ට ඇමති ආරක්ෂකයින් 200 ක් – සජිත්ට 70

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට ඇමති ආරක්ෂකයන් දෙසීයක් ලබාදී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කරයි.  

මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිටින්නේ ආරක්‍ෂකයන් 70 පමණක් බවත් ඉන් ද තවත් පිරිසක් අඩු කරන්නැයි උපදෙස් ලබා දී ඇති බවත් ඔහු එහිදී කියා සිටියේය.