(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බාල වයස්කාර පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබාගෙන සිටි තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් පොලිස් භාරයට ගැනේ.
මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශන වයස අවුරුදු 13ක සිසුවියකගේ බව අනාවරණය වී ඇත.
මිනුවන්ගොඩ පොලිසිය විසින් භාරයට ගෙන ඇත්තේ 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.
තම දියණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අසල්වැසි ළමයින් දෙදෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකථනයේ තිබී තවත් අසල්වැසි ළමයෙකුට පෙන්වා ඇති බවට මවක් විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ අනුව මෙම බාල වයස්කරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත.
අනතුරුව පොලිසිය විසින් එක් සැකකරුවෙකුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එහි තිබී අදාල පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප 20ක් සහ වීඩියෝ දර්ශනයක් සොයා ගැනීමට හැකිව තිබේ.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම වලදී ඔවුන් දෙදෙනා පොලිසිය හමුවේ පවසා ඇත්තේ බාලවයස්කාර දැරිය, ඇයගේ නිවසේ නාන කාමරය තුල දිය නාන අවස්ථාවල දී ඇයට හොරෙන් මෙලෙස ඡායාරූප ලබාගත් බවයි.









