FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගය දේපස මැංගුස් වගාවට පියවර.

අධිවේගී මාර්ගයේ කළුතර කොටසේ, අලුත්ගම වැලිපැන්නේ සිට පානදුර ගැලනිගම ප්‍රදේශය දක්වා දෙපස මැංගුස් වගා කිරීමට පියවර ගැනේ.

මැංගුස් යනු කළුතර අනන්‍යතාවය සංකේතවත් කරන පළතුරවන හෙයින් එය ව්‍යාප්ත කිරීමට කටයුතු කළ යුතු බව දිස්ත්‍රික් ලේකම් යු.ඩී.ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඊට අදාල මැංගුස් පැළ බෙදාදීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා කනන්විල පළතුරු බෝග සංවර්ධන මධ්‍යස්ථානයට උපදෙස් දී ඇත. වර්ෂා කාලයට මාර්ග දෙපස සේදී යාම වැළැක්වීමට මෙන්ම පරිසර අලංකාරයට ද මෙම මැංගුස් වගාව බෙහෙවින් උපකාරී වේ.