FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනපතිට ලැබුණු අමුතු පාර්සලය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වස ඇතුළත් පාර්සලයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කිසියම් පුද්ගලයෙකු තැපැල් මඟින් එවා ඇති බව හෙළිවී තිබේ.

කෙසේ වෙතත් ධවල මන්දිරයට ළඟා වීමට පෙර එම පාර්සලය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය.

රිසින් නමැති වස සහිත ද්‍රව්‍යයක් මෙම පාර්සලයේ තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් කිසිවක් මාධ්‍ය වෙත තවමත් ප්‍රකාශ කර නොමැත.

FBI ආයතනය සහ රහස් ඔත්තු සේවා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.

දැනට අනාවරණය වී ඇතිකරුණු අනුව මෙම පාර්සලය කැනඩාවේ සිට එවන්නට ඇති බව විශ්වාස කරයි.