FAST NEWS

24×7 Around the Globe

තේ වල ගුණාත්මක භාවය නංවන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තේ කර්මාන්තය රටේ හොදම ආදායම් මාර්ගය බවට පත්කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන බව රජය පවසයි.

ඒ සඳහා එහි ප්‍රමිතිය ඉහළ නැංවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පැවසීය.

කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තේ නිෂ්පාදනය හා ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම පිළිබද මෙහිදී විමසා බැලීය.