FAST NEWS

24×7 Around the Globe

නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඩොලර් මිලියන 117ක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලර් මිලියන 117ක් වියදම් කර නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉන්දියාව සුදානම් වෙයි.

මෙහි ටෙන්ඩරය ලබා ගැනීමට ටාටා සමාගම සමත් වී ඇති බවඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

දිල්ලි නගර මධ්‍යයේ එය ගොඩනැගීමට නියමිතය.

වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉපැරණි එකක් නිසා ඒ වෙනුවට මෙම නව ගොඩනැගිල්ල භාවිත කිරීමටසුදානම් වේ.

ඉන්දියාවේ 75 වැනි නිදහස් දින සංවත්සරයට සමගාමීව නව පාර්ලිමේන්තු සංකීර්ණය 2022 වනවිට සම්පූර්ණ කිරීමට නියමිතය.