FAST NEWS

24×7 Around the Globe

බස් වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියදුරන් ලබන සඳුදා (21 ) ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමිනි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්වීම පොදු තීරණයක් නොවන බවයි.

නමුත් මෙම මංතීරු නීතිය නිසා බස් සේවකයන් මෙන්ම මගීන්ද මෙහිදී එකසේ අපහසුතාවයට ලක්වන බවට ජනතාවද චෝදනා කරති.

විශේෂයෙන් කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයේ සහ ගාලු පාරේ ඇතැම් ස්ථානවල කිලෝමීටර් භාගයක් ධාවනය කිරීමට බස් රථවලට පැයක කාලයක් ගතවී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මගීන් බස්වලින් බැස පයින් ගමන් කරන බවටත් පැමිණිලි ලැබෙන බවද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.