(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සරසවි නවක සිසුන්ට නවකවදය දෙන අළුත් ක්‍රමයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
මෙම සිද්ධිය වාර්තා වන්නේ යාපනය විශ්වවිද්‍යාලනි.
එහි කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිංහල සිසු, සිසුවියන් පිරිසක් මෙලෙස නවමු මුහුණුවරකින් නවකවදය දීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රථම වරට සමාජ මාධ්‍ය භාවිතයෙන් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ඔස්සේ නවක වදය දීමේ සිදුවීමක් වාර්තා වේ.
කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිසුන් දෙදෙනකුගේ හා සිසුවියන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් මෙය ක්‍රියාත්මක වෙයි.
මෙම නවක වද සිදුවීමේදී නවක සිසු සිසුවියන්ට whatsApp සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ සහ ස්වයං වින්දනය කරන ආකාරයේ වීඩියෝ දර්ශන එවන ලෙස බලපෑම් කර තිබේ.
එසේ පින්තූර සහ වීඩියෝ පට නොඑවන නවක සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයට නොපැමිණෙන ලෙසට මොවුන් තර්ජනය කරන බවත් වාර්තා වේ.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ තෙවැනි සහ අවසන් වසරේ සිසු සිසුවියන්ගේ පූර්ණ අනුදැනුම හා උපදෙස් මත සිදුවන මෙම නවක වදයට නවක සිසු සිසුවියන් 120 දෙනකු පමණ ගොදුරු වී ඇති බවත් ඉන් සිසු සිසුවියන් රැසක් ජේෂ්ඨයන්ගේ බලපෑම් මධ්‍යයේ අසැබි දර්ශන යවා ඇත.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ නවක සිසු සිසුවියන්ට නිවෙසේ සිට ඔන්ලයින් ඔස්සේ අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මේ නිසා ඔවුන්ට නවක වදය දීමට නොහැකි වීම හේතුවෙන් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඒ හේතුවෙන් නවක සිසු සිසුවියන්ට සිය අධ්‍යයන කටයුතු නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වී ඇත.
එසේම සිසුවියන් බහුතරයකට යළි විශ්වවිද්‍යාලයට යෑමට දැඩි බියක් මතුව ඇති බවත් වාර්තා වේ.









