FAST NEWS

24×7 Around the Globe

බාහිර උපාධි කප්පාදුවෙන් සිසුන් 150,000 කගේ අයිතිය අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජයේ විශ්ව විද්‍යාලවල බාහිර උපාධිය ලියාපදිංචිය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයකට අදාළව පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.   

එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය කියා සිටියේ බාහිර උපාධි ලබාදීමේ අවස්ථාව අහිමි කළහොත් අපේ රටේ උසස් පෙළ සමත්වන සිසුන් 1,50 ,000 ක වගේ ප්‍රමාණයකට උපාධියක් හැදෑරීමට තිබෙන අවස්ථාව අහිමි වන බවය.

විශ්ව විද්‍යාල නවීකරණය කළ යුතුයි පවසන යෝජනාවත් , උපාධිවලට අදාළ විෂයමාලාවන් නවීකරණය කළ යුතුයි කියන යෝජනාවත් බාහිර උපාධිය අහෝසි කිරීමට සිදුකරන ලද උපක්‍රමයක් ලෙසට ආණ්ඩුව භාවිතා කරන බව ද මහේෂ් අඹේපිටිය චෝදනා එල්ල කරයි.

මේ ආකාරයෙන් බාහිර උපාධි කප්පාදුවක් සිදුකළහොත් ඊට එරෙහිව සියලුම බලවේග එකතු කර ඊට එරෙහිව ක්‍රියාකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.