(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ඝාතනය වීමට පෙර කාන්තාවන් රැසක් ඇසුරු කර ඒවා පටිගත කර ඇති බව හෙළි වෙයි.
ඒ ඝාතනය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිදුකරන පරීක්ෂණ වලදීය.
අනුරාධපුර කාර්මික පෙදෙස දහයියාගම හන්දිය ප්රදේශයේ පදිංචිව සිටි ආර්.එම්. ඉරෝන් රණසිංහ හෙවත් ‘එස්.එෆ්. ලොකු’ පසුගිය අගෝස්තු මස 05දා දහවල් නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්රහාරයකින් ඝාතනය කෙරුණි.
කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනවලදී කාන්තාවන් දෙදෙනාගේම පෞද්ගලික ජංගම දුරකථන පරීක්ෂා කළ අවස්ථාවේ ඝාතනයට ලක්වූ එස්.එෆ්. ලොක්කා සමඟ කාන්තාවන් පැවැත්වූ සබඳතා ඔහු පටිගත කර ඇති බව පොලිසිය අනාවරණය කර ගත්තේය.
ඉරෝන් රණසිංහ අනියම් බිරියන්වරුන් 25 දෙනකු සමඟ සබඳතා පවත්වා ඇති බව පොලිසිය මීට පෙර අනාවරණය කරගෙන තිබේ.
ඔහු කාන්තාවන් සමඟ ඇසුරු පවත්වද්දී එම කටයුත්ත ඉතා සූක්ෂ්මව ජංගම දුරකථනයකින් හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණයකින් පටිගත කර තම සන්තකයේ තබාගෙන ඇති බවත් ඒවා අනියම් බිරියන්වරුන් අතර බෙදාහැර ඇති බවට සැකයක් පවතිනා බවත් පොලිසිය පවසයි.









