FAST NEWS

24×7 Around the Globe

තහනම තිබියදීත් ආණ්ඩුව එතනෝල් ලීටර් ලක්ෂ 20 ක් ගෙන්වූ බවට චෝදනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කර තිබේ.

නමුත් 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්වා ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය මේ බව පැවසීය.

“මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටන බවත්,එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඔබලා දන්නවා, පසුගිය ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කු වලින් බවට ඇය චෝදනා කරයි.

“2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන  8,817 යි.  2020 ජූනි ඡන්දය නිසා ඒක රු මිලියන 12,000 ක් වුණා.

2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා.

රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා.  හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා.

දඹුල්ලේ වෙළෙදපොළේ  කහ ටිකක් ගන්න නෑ.  හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා.

ගොවියට පොහොර ටික නෑ.  හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා”.  යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පෙන්වා දෙයි.