FAST NEWS

24×7 Around the Globe

වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් ඉන්දියාවෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඊයේ දිනය තුළ නව මරණ 1168ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 75,091ක් ලෙස සටහන් වේ.

එසේම නව ආසාදිතයින් 95,529ක් ඊයේ වාර්තාවී ඇති අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 4,462,965ක් ලෙසය.

මේ අතර ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,998,432ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව 907,055ක් ලෙස දැක්වේ.