FAST NEWS

24×7 Around the Globe

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – 2021 වසරේ ත්‍යාගයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමද යෝජනා වී ඇත. 

නෝර්වීජියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා අර්බුද නිරාකරණයට ජනාධිපතිවරයා විසින් දරන ප්‍රයත්න පදනම් කරගෙනයි.

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාම ක්‍රියාදාමයක් සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් සති කිහිපයකට පසු ට්‍රම්ප් මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වීමද විශේෂත්වයක්.