(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ එකඟවිය නොහැකි ඇතැම් කොටස් ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
ඒ අතර ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීම එමඟින් වළක්වා ඇත.
නමුත් එය සුදුසු නොවන බවත් පවසන උන් වහන්සේ ජනාධිපතිවරයා වුවද ව්‍යවස්තා විරෝධීව කටයුතු කරන්නේ නම් ඔහු අධිකරණයට ගෙන යාමට අවස්ථාවක් ලැබිය යුතු බව උන් වහන්සේ පෙන්වා දෙති.
එමෙන්ම මෙම පනත මගින් විගණකාධිපතිවරයාගේ බලතල අඩු කර ඇති බවත් ඇතැම් රජයේ ආයතන විගණනය කිරීමේ බලය අත්හිටුවා ඇති බවත් එය පිළිගත නොහැකි බවත් උන්වහන්සේ කියා සිටිති.









