FAST NEWS

24×7 Around the Globe

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව නව ලක්ෂය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් දෙකෝටි 77 ලක්ෂ 21,721 දක්වා ඉහළ ගොස්ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.  

කොරෝනා වෛරසයට ගොඳුරු වූ සංඛ්‍යාව දැක්වෙන්නේ නව ලක්ෂ 874ක් ලෙසයි.

ගත වූ පැය 24රේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය. ලොව දෙවැනියටම වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

එරට දෛනික මරණ සංඛ්‍යාව 1107ක් ලෙස සටහන් වූ අතර ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 89,852 ක් ලෙසයි.

බ්‍රසීලයේ සහ ඇමරිකාවේ දෛනික මරණ සහ ආසාදිතයන් වාර්තා වීම මේ වන විට පහළ ගොස් ඇත.