(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත්රං බද්ද ඉවත් කිරීමට රජය පසුගියදා කටයුතු කළේය.
ඒ සමඟම ඉදිරියේදී රන් භාණ්ඩ මිලද අඩුවනු ඇතැයි ගාල්ල දිස්ත්රික් ස්වර්ණ අභිමානී රන්කම් එකමුතුව පෙන්වා දෙයි.
මෙම බදු අඩු කිරීම හරහා රන් පවුමක මිල සියයට 15 කින් පමණ අඩු කළ හැකි වනු ඇති බවද එම එකමුතුව සඳහන් කරයි.
මෙම බදු සහනය හරහා ස්වර්ණාභරණ ශිල්පීන්ට ප්රතිලාභයක් ද හිමිවන වනු ඇත.







