FAST NEWS

24×7 Around the Globe

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4000 ක් සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විකිණීමට තිබූ පාරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4375 ක් පිටකොටුව – 5 වන හරස් වීදියේ ව්‍යාපාරික ස්ථානයක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (07) දිනයේ දී සොයාගෙන තිබේ. 

කිලෝග්‍රෑම් 25ක ප්‍රමාණයේ හාල්මැස්සන් සහිත පෙට්ටි 175 ක මේවා ඇසුරුම් කර තිබූ බව සඳහන්.

අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.