FAST NEWS

24×7 Around the Globe

ගව ඝාතනය තහනම් කිරීම ඒක මතිකව සම්මතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබේ.

අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ගවයන් ඝාතනය නොකර ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තාවේ.