FAST NEWS

24×7 Around the Globe

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

(ෆාස්ට් නිව්ස් | ජපානය) – අත්ලාන්තික් සාගරයේ ඇදී එන හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ සහ කොරියානු අර්ධද්වීපයේ දහස් ගණන් ජනයා ඉවත් කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.   

පැයට කිලෝමීටර් 195 සිට පැයට කිලෝමීටර් 240ක වේගයක සුළං හමා යමින් සුළි කුණාටුව කඩා වදිමින් තිබේ.

සතියක කාලයක් තුළ කලාපයට පහරදුන් දෙවැනි ප්‍රබල සුළි කුණාටුව මෙය වන අතර, මීට පෙර මයිසාක් සුළි කුණාටුව අත්ලාන්තික් සාගරයේ ඇති විය.

ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් අනතුරට ලක්වූයේද එම සුළි කුණාටුව හේතුවෙනි.

කගෝෂිමා ප්‍රාන්තයේ පුද්ගලයන් 246,251ක් ඉවත් කර ඇති බව ජපාන මහජන ගුවන් විදුලි නාලිකා පවසයි. සුළි කුණාටුවට පෙර තවත් 36,392 දෙනෙකු නාගසාකි ප්‍රාන්තයේ පිහිටි සිය නිවෙස්වලින් ඉවත් කර තිබේ. කගෝෂිමා හි පවුල් 200,000කට වැඩි ප්‍රමාණයක් සහ ඔකිනාවා හි නිවාස 3,930කට විදුලිය විසන්ධි වී ඇත.