FAST NEWS

24×7 Around the Globe

දකුණු පිලිපීනයේ භූ කම්පනයක්

(ෆාස්ට් නිව්ස් | පිලිපීනය) – දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

මෙම භූ කම්පනයෙන් දකුණු පිලිපීනයේ සිට කිළෝමීටර 20 ක ප්‍රදේශයකට බලපෑම් එල්ල වී ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් භූකම්පනයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.

එම ප්‍රදේශයට ආපදා කණ්ඩායම් යොමුකිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇත.