FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වලට ගොදුරු වූ තවත් බොලිවුඩ් තරු දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අතින් දෙවන ස්ථානයට පැමිණ ඇත්තේ ඉන්දියාවය.

මේ වන විට ඉන්දියාගෙන් වාර්තා වන රෝගීන් ගණන් සීඝ්‍රයෙන් ඉහළ යලින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ගත වූ පැය 24 රේ නව ආසාදිතයින් 91,723 ක් සමඟ එරටින් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව42 02,562 ක්.

ගත වූ පැය 24 ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 108ක් ලෙසයි.

මේ අතර බොලිවුඞ් නළු නිලියන් වන අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.