FAST NEWS

24×7 Around the Globe

රුසියානු කොරෝනා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – රුසියානු විද්‍යාඥයන් විසින් සංවර්ධනය කළ කොරෝනා වෛරස් එන්නතෙන් සාර්ථක ලෙස මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැංවීමට හැකිවී ඇති බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් සඳහන් කර ඇත.    


ඒ බව ලැන්සෙට් වෛද්‍ය සඟරාව වෙත තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ අදාළ විද්‍යාඥයන් පිරිස විසිනුයි.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩනංවන එම එන්නතෙහි හානිකර අතුරු විපාක දක්නට නොලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය මාසයේදී රුසියාව සිය කොරෝනා එන්නත දේශීය වශයෙන් භාවිතය සඳහා අවසර ලබාදුන්නේ එම පියවරට එළඹුණු ලොව ප්‍රථම රට ලෙසයි.