FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව තවත් තුන් මසකට විදෙස් සංචාරකයන්ට දොර වසයි

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – විදෙස් සංචාරකයන්ට රටට ඇතුලුවීම තහනම් කරමින් පණවා ඇති නියෝගය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.   

මේ අනුව දෙසැම්බර් 17 වනදා තෙක් එරට සංචාරය කිරීමට විදේශීය සංචාරකයන්ට අවසර හිමිවන්නේ නැත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.