දකුණු සහ උතුරු කොරියානුවන්ට ඥාතීන් හමුවීමේ අවස්ථාව අද (20) උදා වනවා.ඒ සදහා දහස් ගණනක් දකුණු කොරියානුවන් උතුරු කොරියාවේ සිටින තම ඥාතීන් හමුවීමට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
1953 පැවති කොරියා යුද්ධයෙන් උතුරු දකුණු ලෙස බෙදී වෙන් වූ කොරියානුවන්ට මෙය කලාතුරකින් ලැබෙන අවස්ථාවක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ.උතුරු සහ දකුණු කොරියා ඥාතීන්ගේ හමුව අවසන් වරට පැවැත්වුණේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීයි.මෙම හමුව කුම්ගැන්ග් කදුවැටිය ආසන්න ප්‍රදේශයේදී අද පැවැත්වෙනවා.එහි පළමු හමුව සදහා අවස්ථාව හිමිවන්නේ තෝරා ගත් පවුල් කිහිපයක් සදහායි.








