FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානය සහ තලෙයිබාන්වරුන් අතර සිරකරුවන් හුවමාරුවක්

(ෆාස්ට් නිව්ස් | ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය සහ තලෙයිබාන් සංවිධානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

ඇෆ්ගනිස්ථාන රජය සහ තලෙයිබාන් සටන්කාමීන් අතර සාම ගිවිසුමකට එළඹීමට අදාළ මූලික සැකසුම් ද මේ වනවිට සකස් කර ඇත.

ඒ යටතේ හමුදා බාරයේ සිටින තලෙයිබාන් සටන්කාමීන් 200 දෙනෙකු නිදහස් කිරීමට ඇෆ්ගනිස්ථාන රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවට සිය භාරයේ සිටින කමාන්ඩෝ භටයින් 04 දෙනෙකු හුවමාරු කර ගැනීමටයි තලෙයිබාන් සටන්කාමීන් තීරණය කර ඇත්තේ.

ඊට අදාළව මූලික සාකච්ජා කිහිපයක් ඉදිරියේදී කටාර්හිදී පැවැත්වීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.