FAST NEWS

24×7 Around the Globe

අපරාධ කල්ලි වලට තොරතුරු සැපයු පොලිස් ලොක්කගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.ආර් හෙට්ටිආරච්චිගේ වැඩ තහනම් කර තිබේ.

ඒ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසිනි.

මෙම පොලිස් පරීක්ෂකවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් සමඟ සබඳතා පැවැත්වු බව, ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා සිදුකළ විමර්ශනයනකදී හෙළිවී තිබේ.

විමර්ශනයේදි හෙළිවී ඇත්තේ එම පොලිස් පරීක්ෂකවරයා ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටියදී එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ධර්මසිරි  සමග විටින් විට දුරකථන සබඳතා පවත්වා ඇති බවය.

මේ වන විට රටින් පලාගොස් ඇති බව පැවසෙන ධර්මසිරි නමැත්තා සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුය.

එමෙන්ම ධර්මසිරිගේ ඥාති පුත්‍රයෙකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පවුල්වලට සුබසාධන පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු සමඟද මෙම නිලධාරියා කිට්ටු සබඳතාවක් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවී වී තිබේ.

පොලීසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගල්කිස්ස පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුම් සම්බන්ධයෙන්ද මෙම නිලධාරියා තොරතුරු ලබා දී ඇති බවය.