FAST NEWS

24×7 Around the Globe

චන්දිට සහ දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පිතිකරණයෙන් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණමට සමත්ව ඇත.

කොදෙව් ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 184ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 151ක් රැස් කළහ.

දිමුත් කරුණාරත්න දැක්වූ එම දක්ෂතාවයත් සමග ඔහු ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණිමට සමත්ව ඇත.

එ අනුව ඔහු දැන් එම සටහනේ පසුවන්නේ 28 වැනි ස්ථානයේය. ස්ථාන 6කින් ඉදිරියට පැමිණි දිනේෂ් චන්දිමාල් එම සටහනේ 22 වැනි ස්ථානයට පැමීණමට සමත්ව ඇත.

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉදිරියෙන්ම සිටින ශී‍්‍ර ලාංකික පිතිකරුවා ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔහු 5 වැනි ස්ථානයේ පසුවේ.

iccc