(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභිනව පාර්ලිමේන්තුව ලබන(20) වනදා රැස්වේ.
මෙහිදී සභානායක ධුරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර ඇති බවද වාර්තා වේ.
මෙම නම් පාර්ලිමේන්තුව වෙත මේ වන විට ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.









