FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ වාර්තාවෙයි

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) –  ඕස්ට්‍රේලියාවෙන් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වී ඇත.   

වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය දිනයේදී නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 25ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය පැතිරීමෙන් පසු සිදුවූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය ඉරිදා සිට කොරෝනා ආසාදිත අවස්ථා 282ක් වාර්තා කර තිබුණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046 ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334 ක් දක්වා ඉහළ ගොස් තිබේ.