FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය සෞඛ්‍ය ආරක්ෂිතව සැමරේ

(ෆාස්ට් නිව්ස් | ඉන්දීය) – පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබේ.

ජාතික නිදහස් දිනය සමරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රතු කොටුවේ සිට අද(15) උදෑසන ජාතික ඇමතූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සඳහා යුධ, ගුවන්, නාවික භට පිරිසක් සහ දිල්ලියේ පොලිස් නිළධාරින් කණ්ඩායම් යොදවා තිබුණි.

නිදහස් දින සැමරුම සඳහා යුධ, ගුවන්, නාවික සහ පොලිස්  නිළධාරින්ගේ උත්තමාචාර පෙළපාලි පැවති බව විදෙස් වාර්තා සඳහන් කළේය.