FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළඳුණු බාලසූබ්‍රමනියම්ගේ තත්ත්වය අසාධ්‍යයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් ගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයේන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ ඔහු කොරෝනා රෝගයට ගොදුරු වීම හේතුවෙනි.

ඔහුගේ තත්ත්වය ඊයේ රාත්‍රියේ සිට අසාධ්‍ය බව වාර්තා වෙයි.

ඔහු ප්‍රතිකාර ලබන රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ වන විට ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වන බවයි.

ඉන්දියානු සිනමාවේ භාෂා 16 කින් ගීත 40,000 කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති එස්.පී. බාලසූබ්‍රමනියම් අති දක්ෂ ගායකයෙකි.