FAST NEWS

24×7 Around the Globe

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙනස් කම් රැසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන් වැඩ ආරම්භ කිරීමත් සමඟ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජනතා අදහස් අනුව වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි.

ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

එහි දැක්වෙන්නේ,

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ තොරතුරු හුවමාරු කරමින් සම්බන්ධ වීමට ශක්තිමත් සමාජ මාධ්‍ය තොරතුරු ජාලයක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

අදහස් හුවමාරු කර ගැනීමට, කේෂ්ත්‍රයේ පවතින ගැටළු වලට ඇහුම්කන් දීමට,බලධාරීන් අතර සන්නිවේදන මාර්ගයක් ලෙස එය උපයෝගී කරගත හැකි යැයි තමන් විශ්වාස කරන බව එහි සඳහන් වේ.