FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.   

මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්ය නලින් ද සිල්වා සහ මියන්මාරයේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් වන Myanmar Airways International (MAI) හි ප්‍රධාන විධායක නිලධාරී සරවනන් රාමසාමි හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටනේස් කුමාර් අතර මෙම සාකච්ඡාව පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

දෙරට අතර සංචාරකයින් සැලකිය යුතු කාලයක් සංක්‍රමණ සඳහා වැය කරන අතර ගුවන් ගමන් කාලය පැය 3 කටත් වඩා අඩු බව එහිදී අවධාරණය කෙරිණි.