FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායලය ගාසා තීරය යළිත් වසා දමයි

(ෆාස්ට් නිව්ස් | ඊශ්‍රායලය) – ගාසා තීරය හා භාණ්ඩ හුවමාරු වන මුරපොළ යළි වසා දැමීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

ඒ, හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

ඔවුන් වැටුණු විට ගිනි ඇවිලෙන ද්‍රව්‍ය ඇමුණූ හීලියම් වායු බැලූන ද ඊශ්‍රායලය දෙසට යොමු කර ඇති බව සඳහන් වෙයි.

මීට පෙර එලෙස ගිනි ඇවිලෙන ද්‍රව්‍ය සරුංගල් මගින් එවීමෙන් ඊශ්‍රායලයේ ගොවි බිම් රැසක් ගිනිගෙන දැවී ගොස් ඇත.