නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක ක්‍රිස් කෙයාන්ස් මුදලට තරග පාවා දීම සඳහා තමන්ට යෝජනාවක් කළ බවට වත්මන් නවසීලන්ත ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැකලම් පවසයි.
2012 අයි.පී.එල්. තරගාවලියේ දුෂණ පිළිබඳ නඩු විභාගය එංගලන්තයේ ලන්ඩන් සවුත්වර්ක් ක්‍රවුන් අධිකරණයේදී මේ දිනවල සිදු වේ.
එහිදී චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් අතරට හිටපු නවසීලන්ත ක්‍රිකට් නායක ක්‍රිස් කෙයාන්ස් ද අයත් ය.
වත්මන් නවසීලන්ත ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැකලම් ඊයේ (15)දිනයේදී එහි කැඳවුයේ, එම නඩු විභාගයේ සාක්ෂිකරුවෙකු ලෙස ය.
ඉන්දියාවේ කොල්කටාහි හෝටල් කාමරයක් තුළදී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රිස් කෙයාන්ස් 2008 වසරේදී තමන්ට යෝජනාවක් ගෙන ආ බවට මැකලම්, අධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කළේ ය.
විදෙස් වාර්තා පවසන්නේ, අවස්ථා තුනකදී කෙයාන්ස් විසින් මුදලට තරග පාවා දීම සඳහා මැකලම්ට යෝජනා කරනු ලැබ ඇති බව ය.






