FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ හිටපු ජනපතිටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හට කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.  

84 හැවිරිදි වියේ පසුවන හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇති අතර පසුගිය සතියේදී තමාව පෞද්ගලිකව හමුවූ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට සහ කොවිඩ් පරීක්ෂණයකට යොමු වන්නැයි  ඉල්ලීමක් කර ඇති බව එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කරයි.