FAST NEWS

24×7 Around the Globe

බිත්තර මිල ඉහළ යෑමෙන් බේකරි නිෂ්පාදකයන් අර්බුධයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල වෙළඳපොළේ පවතින බිත්තර මිල ගණන් තවදුරටත් ඉහළ අගයක් ගැනීම නිසා තමන් දැඩි අර්බුධයකට මුහුණ පා සිටින බව බේකරි නිෂ්පාදකයන් චෝදනා නගයි.   

වර්තමානයේ වෙළෙඳපොළේ බිත්තරය තොග මිල සටහන් වන්නේ රුපියල් 22 ක් ලෙසටයි.

බේකරි නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් බිත්තර යොදා ගැනෙන අතර, වෙළඳපොළේ බිත්තර මිල පාලනයට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.