FAST NEWS

24×7 Around the Globe

තෙත වී මිලදී ගැනීමට රජය තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රථම වරට තෙත වී මිලදී ගැනීමේ තීරණයකට රජය විසින් එළැඹ ඇත.  

යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ මෙලෙස ගොවීන්ගෙන් තෙත වී මිලදී ගැනීමට තීරණය කර ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී කිලෝග්‍රෑමයක් සඳහා දැනට වී අලෙවි මණ්ඩලය විසින් සඳහා රුපියල් 50 ක මුදලක් ගොවීන් හට ගෙවනු ලබයි.