FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඇතිවූ ගින්නකින් 11 මිය යයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් රෝගීන් 11 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ(09) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් 22 දෙනෙකු රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව හෙළිව ඇත.

මේ අතර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි  COVID-19 ප්‍රතිකාර සඳහා නම් කරන ලද රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇති වූ ගින්නකින් බ්‍රහස්පතින්දා පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.