FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කොරෝනා වෛසරය හේතුවෙන් ඩුබායිහි රැඳී සිටි ඉන්දීයානු ජාතිකයින් පිරිසක් රැගෙන පැමිණි ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ද වන බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 190 දෙනෙකු සිට තිබේ.