FAST NEWS

24×7 Around the Globe

රග්බි – අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුම් ලැබු රටවල් 08.

රග්බි ලෝක කුසලානයේ පළමුවැනි වටයේ සියලුම තරග මේ වන විට අවසන් වී තිබෙනවා. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ ඊට සුදුසුකම් ලැබූ රටවල් 8 පහතින් බලන්න….

දකුණු අප්‍රිකාව
වේල්සය
නවසීලන්තය
ප්‍රංශය
අයර්ලන්තය
ආර්ජන්ටිනාව
ඕස්ට්‍රේලියාව
ස්කොට්ලන්තය

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ වේල්සය අතර පැවැත්වීමට නියමිතයි. දෙවන තරගය නවසීලන්තය සහ ප්‍රංශය අතරත්, තෙවන තරගය අයර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. එම වටයේ අවසන් තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතරයි.

ඉන් අනතුරුව අවසන් පූර්ව තරග දෙකක් සහ තුන්වන ස්ථානය තේරීම සදහා තරගයක් පැවැත්වීමට නියමිතයි. රග්බි ලෝක කුසලාන තරගයේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේත ලබන 31 වැනිදායි.