FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වලට එරෙහිව රුසියාවෙන් සාර්ථකව එන්නතක්

(ෆාස්ට් නිව්ස් | රුසියාව ) – රුසියානු පර්යේෂණකයින් පිරිසක් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා තිබේ.

මේ අනුව කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි.

මෙම එන්නත මුලින්ම ලබා දීමට නියමිතව ඇත්තේ වෛද්‍යවරුන් සහ ගුරුවරුන් වෙත බව එරට රජය පවසයි.

නමුත් ඇතැම් රටවල විශේෂඥයින් රුසියාවේ මෙම සොයා ගැනීම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන් බවද වාර්තා වේ.