FAST NEWS

24×7 Around the Globe

මින් පෙර නොදුටු සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූපයක්

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – නාසා ආයතනයේ පිහිටි හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් සෙනසුරු ග්‍රහයාගේ ගිම්හාන කාලය පෙන්වන පුදුමාකාර ඡායාරූපයක් ලබාගෙන තිබේ.

ජුලි මස 4 වන දින හබල් දුරේක්ෂයෙන් විසින් එම ඡායාරූපය ග්‍රහණය කර ගත් බව නාසා ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම යෝධ සෙනසුරු ග්‍රහලෝකය පෘථිවියේ සිට සැතපුම් මිලියන 839 ක් ඈතින් සිටියදී ගන්න ලද මෙම ඡායාරූපය පෘථිවිය දෙසට යොමු කර ඇති උතුරු අර්ධගෝලයේ ගිම්හාන කාලය කෙබඳුදැයි එයින් පෙන්වයි.

අතර ග්‍රහයා පුරා මඳක් රතු පැහැයක් දක්නට ලැබේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙය හිරු එළිය වැඩිවීම නිසා රත් වීමේ ප්‍රතිඵලයක් විය හැකි බවයි.

එය සංසරණයට හෝ වායුගෝලයේ අයිස් අන්තර්ගතයට බලපායි.