FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1,150,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.

ගත වූපැය 24 තුළ එරටින් මරණ 587ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 28,084ක් ලෙසය.‍