FAST NEWS

24×7 Around the Globe

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි බොලිවුඩයේ සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායිහි පිහිටි නැණවතී රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.   

ඇයගේ මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අභිෂේක් බච්චන් ද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ එම රෝහලේයි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඓශ්වර්යාගේ 08 හැවිරිදි දියණිය ආරධ්‍යා මුම්බායි නුවර පිහිටි බච්චන් මැදුරු 5 න් එකක් වන ජල්සා මන්දිරයේ ස්වයං නිරෝධායනයට ලක්වූවාය.

කෙසේවෙතත් ඓශ්වර්යා රායිගේ නැන්දණියෙ වන ඡයා බච්චන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැත.