FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10 ත් ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.   

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,005,871 ක් ලෙස දැක්වෙයි.

එරටින් වාර්තා වන සමස්ත වෛරස් ආසාදිත මරණ ගණන 25,622 කි.

ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාව කොරෝනා වෛරස් පැතිර යෑම වළක්වා ගැනීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමත් සමඟ රටේ කුඩා නගරවලත් ගම්මාන තුළත් වෛරස් ව්‍යාප්ත වීමට හේතුවී ඇතැයි වාර්තා වේ.