FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල ජනපති හට දෙවැනි වරටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ හට දෙවන වරටත් කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

බ්‍රසීල ජනාධිපති ජොයිර් බොල්සනොරෝ යළිත් වරක් කොවිඩ් පරික්ෂණයට භාජනය වී ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

බ්‍රසීල් අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත.