FAST NEWS

24×7 Around the Globe

බිල්ගේට්ස් ඇතුළු බිලියනපතියන් රැසකගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාර

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ලෝකයේ බිලියනපතියන් රැසකගේ ට්විටර් ගිණුම් සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

ඊයේ (15) දිනයේ දී මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයින් ලෙස සැලකෙන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් , ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් , අමෙරිකා හිටපු ජනපති බැරක් ඔබාමා , ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් මෙන්ම කැනී වෙස්ට් යන අයගේ ට්විටර් ගිණුම්වලට ද මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

සිය සමාගම් අලෙවි කරන බවටත් ඒ සඳහා මුදල් අවශ්‍ය බවටත් දැක්වෙන ට්විටර් පණිවිඩ ඔවුන්ගේ නිල ගිණුම් හරහා නිකුත් වී තිබුණා.

මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් ආයතන නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සයිබර් ප්‍රහාරයට ලක්වූ ට්විටර් ගිණුම් යළි යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.