FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව විදෙස් සිසුන් පිටුවහල් කිරීමේ සැලසුම අත් හරී

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – විදේශීය සිසුන් පිටුවහල් කිරීමේ සැලසුම අතහැර දැමීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

එරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතන 02 ක් වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය සහ හාර්වර්ඞ් විශ්ව විද්‍යාලය විසින් අමෙරිකා රජයට එරෙහිව නඩු පැවරීමට තීරණය කිරීම ඊට හේතුව වී තිබේ.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට පූර්ණ පාඨමාලා පැවැත්වීමට අධ්‍යාපන ආයතන රැසක් තීරණය කිරීමත් සමග ඒවායෙහි සිසුන්ට වහා සිය රටවලට යන ලෙසට අමෙරිකාව දැනුම් දී තිබුණි.

එහෙත් අධිකරණයේදී එම ගැටලුව සාකච්ඡා මගින් විසඳාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පැවසීය.