FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීන බොලිවුඩ් නළු දෙපළටම කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. 

සිය ට්විටර් ගිණුම්වල සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් තමන් රෝහල්ගතව සිටින බවය.

ඊයේ දිනයේ දී සිය පවුලේ සාමාජිකයින් කොවිඩ්-19 පරික්ෂාවට භාජනය වූ අතර එහිදී තමාට සහ තම පියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අභිෂේක් බච්චන් සඳහන් කර තිබේ.